අපි මනස සුවපත් කර ගනිමු

සුවපත් මනස පළමු පිටුව

සිත දුකින් පිරිලාද..?  සිත නිදහස් නැද්ද? සිත අසහනයෙන් පිරිලාද? ඔලුව රිදෙනවාද?  නිතර නිතර ලෙඩ වෙනවාද ? තරහා එනවාද? නින්ද යන්නේ නැද්ද? හදවතට බරක් දැනෙනවාද?
 
 එහෙනම් මෙන්න විසඳුම .....අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි........ හරියටම හරියනවාමයි............ මේ කියන විදියටම කලොත් මාසයකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන් . පලමු සතියේ ඉඳලාම ප්‍රතිඵලදායකයි...... අත්දැකීමෙන් කියන්නේ............... මුලින්ම විශ්වාසය තියාගන්න....

        ඉහත සඳහන් කල අපහසුතාවයන් ඇතිවෙන්නේ මනස ඒකාකාරව තබාගැනීමට නොහැකි වූ විටයි. අපේ මනසට දරාගත හැකි ධාරිතාවයක් තියෙනවා.... ඒක ඉක්මවා යෑමෙන් තමයි ඔය කියන ගැටලු අතිවෙන්නේ... මනසේ ඇතිවන සිතිවිලි අධික වීමත්, ඒවා පාලනය කරගත නොහැකි වීමත්, නිසා අසහනකාරී තත්වයන් ඇතිවෙනවා.. තව අප බලාපොරොත්තුවෙන කිසියම් කාර්‍යයක් ඉටුකර ගැනීමට නොහැකි වීමත් , යම් යම් අතපසුවීම් හරහාත්, සමාජයේ පවතින ක්‍රියාකාරකම් හරහාත්, පවතින කාර්‍යබහුල ජීවන රටාවත්, නිසා මිනිස්සු වන අපට , අපි ගැන හිතන්න කාලයක් ගන්න බැරි වෙලා....... 

මේ අසහනකාරී තත්වයන් මඟහරවා ගන්නේ කොහොමද?
        ඒ සඳහා කල හැකි ක්‍රම කිහිපයක් තියෙනවා.... හොඳම සහ ප්‍රතිඵලදායම ක්‍රමය තමයි භාවනාවක් පුරුදු පුහුණු කිරීම ....වෙන හොඳම විකල්පයක් නම් මට හමුවෙලා නෑ..... ලැබුනොත් මටත් කියන්න.......


කොහොමද භාවනාවක් පුරුදු .කරන්නේ.... ?
    
        සරලව පටන් ගමු.... සංකීර්ණත්වයට  යන්න පුලුවන්.... මුලින්ම භාවනාවක් පුරුදු කිරීමට පෙර පහත කරුණු පහ හොදින් අවධාරණය කරගෙන ඉන්න ඕනේ....මේ කරුණු 5 ඔයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල යුතුයි.  විශ්වාසය තමයි මූලිකම ..... උදාහරණයක් දෙන්නද? ඔයා අම්මාගේ කුස තුලට පැමිණි දවසේ ඉඳලා මේ මොහොත දක්වා ස්වභාවධර්මය විශ්වාස නොකලා නම් අද හුස්ම ගන්නේ නෑ...........අද ඔයාට ලැබෙන කිසිම දෙයක් ඔයා ගන්නේ නෑ ...  ඒ විශ්වාසය නිසා ඔයා හුස්ම ගන්නවා...
ස්වභාවධර්මයෙන් ලැබෙන හැම දෙයක්ම ඔයාගේ යහපතට යොදා ගන්නවා.... 

..............හරියටම කලොත් සතියයි....... ප්‍රතිඵල අනිවාර්‍යයයි...............

01}. සතුන් මැරීම නවත්වන්න .{මදුරුවෙක් විදින විට  ක්ෂණිකව  චටාස් ගාලා මැරෙන්න ගහන පාර ගැන හිතන්න.
ගල්රෝලකින් තැලුවා වගේ. ඔයාට එහෙම පාරක් වැදුණානම්. ඔයා නොදැනුවත්වමයි ඒ දේ සිදුවෙන්නේ.  හිත වෙනස් කරගන්න. } මරන එකම විතරක් නෙවෙයි. මරන්න අනුබල දෙන එක , හින්සා පීඩා කරන ඒකෙනුත් වැළකෙන්න ඕනේ....  මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකරගත යුතුමයි.....ආදරය , කරුණාව , දයාව, සියලු සතුන් කෙරෙහි ඇතිකරගන්න..... එතකොට භාවනාව පුරුදු කරන්න පහසුයි....... තමන්ගේ සිතත් දන්නවා තමන් කිසිම කෙනෙකුට හිංසා කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒක හිතට ලැබෙන ලොකු සහනයක්.

02}. අනිත් අයගේ දේවල් හොරෙන් ගැනීමෙන් වළකින්න . සිතින්වත් ඒක කරන්න එපා..... සොරකම් කල පසු තමන් දන්නවා තමන් යමක් සොරකම් කලා කියලා.... ඒකත් තමන්ට අසහනකාරී ලෙස බලපාන්න පුලුවන්.... කාට බොරු කලත්  තමන්ගේ සිතට නම් බොරු කරන්න බෑ....

03}. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් අනිවාර්‍යයයි . අනිවාර්‍යයෙන්ම වැළකී සිටිය යුතුමයි... අසහනයට මෙය ප්‍රධානම හේතුවක්.... තමන්ට තමන්ගේ සහකරුවා/සහකාරිය සමඟ කාම සේවනයේ යෙදීම යහපත්..... ආදරය කරන තරුණ අයටත් කියන්න තියෙන්නේ, එක් කෙනෙකුට විතරක් ආදරය කරන්න පුරුදු වෙන්න.

04}. බොරු කියන එක නවත්වන්න . මෙයත් අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්.... තමන් බොරුවක් කියලා තිබුනොත් තමන් ඒක හොඳටම දන්නවා.... ඒක අසහනයට හේතුවක්..... තමන් බොරුකාරයෙක් කියලා හැඟෙන හැම මොහොතකම අසහනකාරී තත්වයන් පැන නඟිනවා.....
05}. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම. මෙයනම් අනිවාර්‍යයෙන්ම කල යුතුයි. මෙයත් අසහනයට ප්‍රධානතම හේතුවක්... මේ නිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනා පමණක් නෙවෙයි අවට සිටින අයත් අසහනයට පත්වෙනවා.... හොඳයි කියලා හිතාගෙන බොනවා .මත් ගතිය ඉවර උනාට පස්සේ තමයි වැඩේ..... තියෙන ලෙඩ සේරම එන්නේ.....
ඔය ටික හරියටම  කලත් ඇති..... හැබැයි හරියටම කරන්න ඕනේ..... මාසයක් යනකොට ප්‍රතිඵල දෙන්න පටන් ගන්නවා....
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි........ හරියටම හරියනවාමයි............ මේ කියන විදියටම කලොත් මාසයකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන් . පලමු සතියේ ඉඳලාම ප්‍රතිඵලදායකයි...... අත්දැකීමෙන් කියන්නේ............... ..........මුලින්ම විශ්වාසය තියාගන්න.........
හරි.... දැන් තමයි හොඳම හරිය.....
ඔයා දැන් ලෑස්ති වෙන්නේ ඔයාගේ මනසට සහනයක් ගන්න.... සියලු අසහනකාරී තත්වයන්ගෙන් මිදෙන්නයි මේ හදන්නේ......මේ සඳහා ඔයාට උදව් කරනවාමයි.... ඒක ඔයා වෙනුවෙන් වෙන පොරොන්දුවක්........ මේ ලිපි හොඳින් කියවන්න..... ප්‍රායෝගික ජීවිතයට ගන්න......100% ෂුවර්...... හරියනවාමයි........ ඔයාගේ අසහනකාරී මනසට සහනයක් අරගෙන එන්න ප්‍රායෝගිකව කරන්න පුලුවන් හැමදෙයක්ම ඔයාට කියලා දෙනවා..........
මුලින්ම ලෝකය පවතින ස්වභාවය දෙස බලන්න..... සෑම දෙයක්ම ආරම්භ වෙන ආකාරය...... පුංචි දෙයකින් තමයි ආරම්භ වෙන්නේ... උදා:- ඔයා ඉපදුන විදිය ගමු.... ඔයා අම්මාගේ කුස තුලට ආවේ කොහොමද? හේතුවක් තියෙන්න ඕනේ...හොඳට හිතලා බලන්න.. හේතුව දන්නවා ඇති....ඇත්තම කිව්වොත් අම්මාගේ සහ තාත්තාගේ ලිංගික එකතුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔයා මෙලොවට ආවේ...ඒක එක  හේතුවක් . 
ඔය ආකාරයට මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඇතිවෙන්න හේතුවක් තියෙනවා.... බොරුනම් මට කියන්න... බොරු වෙන්න බෑ අනිවාර්‍යයෙන්ම හේතුවක් තියෙනවාමයි... ගසක් හැදෙන්නත් ඒකට හේතුවක් තියෙනවා... ඒ හේතුව තමයි බීජය....අන්න ඒ විදියට තමයි ඔයා ඔය මුහුණදෙන අසහනයටත් හේතුවක් තියෙනවා... හොදයි.... අර කලින් කියපු උදාහරණයේ ගස ඇතිවෙන්න හේතුව උනේ බීජයයි...බීජය නැති කලොත්.....?   ඒ කියන්නේ හේතුව නැති කලොත්.....?  ගස කියන ඵලයත් නෑ නේද...? අන්න ඒ ආකාරයට
අසහනයටත් හේතු තියෙනවා,..... ඒවා හොයාගෙන විනාශ කරලා දාන්න ඕනේ......  ඒත් කොහොමද අසහනයට බලපාන හේතු හොයාගන්නේ.... ? හොදට හිතන්න.... එක හේතුවයි තියෙන්නේ...... මොකක් කියලාද හිතන්නෙ......?  කවුරු කොහොම කියන්න හැදුවත් එක හේතුවයි තියෙන්නේ.....
ඒක තමයි සෑම දෙයක් කෙරෙහිම ඔයා ඇතිකරගෙන තියෙන ඇලීම {උදා:- මගේ පෝන් එක, මගේ ජොබ් එක , මගේ කාර් එක , මගේ සල්ලි, මගේ ආයතනය, මගේ වැඩ, මගේ ආදරවන්තිය , මගේ ආදරවන්තයා ,    ඔයා මේ ලෝකයට එනකොට මේ දේවල් ගෙනාවාද? නෑ ඔයා මේ ලෝකයට එනකොට ඔයාගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නෑ.... මේ ලෝකෙට එන හැමෝම එන්නේ එහෙම තමයි. .....} ඔයාට  අසහනයට බලපාන දේවල් අත්හරින්න බැරි වෙලා .....ඔයාට ලෝකයේ පවතින තිත්ත ඇත්ත හඳුනාගන්න බැරි වෙලා..... සෑම දෙයක්ම විනාශ වෙලා යනවා කියන ඇත්ත, සියලු දේම වෙනස් වෙනවා කියන ඇත්ත....... ඔයා තනියම හිතන්න... ඔයාගේ අසහනයට හේතුව මොකක්ද...? ඔයාගේ හිතට වැඩිපුරම කරදර කරන්නේ මොනවාද.... අන්න ඒ දේවල් තමයි අසහනයට හේතුකාරකයන් වෙලා තියෙන්නේ... කෙටියෙන් කිව්වොත් ඔයාගේ සිත  හැමදෙයක්ම අල්ලාගෙන ඉන්නේ..... 
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි........ හරියටම හරියනවාමයි............ මේ කියන විදියටම කලොත් මාසයකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන් . පලමු සතියේ ඉඳලාම ප්‍රතිඵලදායකයි...... අත්දැකීමෙන් කියන්නේ............... ..........මුලින්ම විශ්වාසය තියාගන්න.........
        ඔයා ඉපදුන ගමන් ඔයාට මේ වගේ අසහනකාරී තත්වයන් තිබුණද? ඔයාගේ පොඩිකාලේට යන්න.... ඒ කාලේත් මේ විදියට තිබුණද? නෑ නේද.... ? ඒ කාලේ හරිම සරලයි..... එහෙනම් දැන් ඇයි මේ..... ?  දැන් හැමදේම අල්ලාගෙන, බදාගෙන ඉන්නවා. ජොබ් එකේ තියෙන ප්‍රශ්න , කරන්න ඉතිරිවෙලා තියෙන වැඩ ,  පවුලේ ප්‍රශ්න , ගේ දොර අඩුපාඩු , ළමයින්ගේ පාසල් වල ක්‍රියාකාරකම් සදහා දායකවීම් , ආදර සම්බන්ධතාවයන්ගේ බිඳවැටීම්, යාලුවෝ ,  සමිති සමාගම් වල ක්‍රියාකාරකම්, පවුල් ආරවුල්, ලෙඩරෝග , බැන්කු ණය ගෙවීම් , ලීසින් වාරික ගෙවීම් , රක්ෂණ වාරික ගෙවීම් , විදුලි බිල , වතුර බිල , කුලී ගෙවීම් , තරඟ විභාග , ආදී සියලුම දේවල් නිසා පිස්සු හැදිලා වගේ ....සමහර අයටනම් කන්නවත් වෙලාවක් නෑ නේද...? වෙලාවකට හිතෙනවා හැමදේම අතහැරලා කොහේ හරි යන්න , එහෙම නැත්නම් ගඟකට හෝ මුහුදට පැනලා මැරෙන්න. ඇයි මේ......? තවම තේරුණේ නැද්ද.....? මොකක්ද මේකට තියෙන විසඳුම.....? මුලින් කිව්වා වගේ අපි හැමදේම අල්ලාගෙන ඉන්නවා... අපි මේ ලෝකයට එනකොට කිසිම දෙයක් ගෙනාවේ නෑ..... ඒත් මෙහේ තියෙන දේවල් ගොඩක්නම් බදාගෙන ඉන්නවා.... හොඳට මතක තියාගන්න.. ඔය කිසිම දෙයක් යනකොට අරගෙන යන්නනම් බෑ..... ඒ නිසා සතුටින් , නිදහසේ ඉන්න ... කාටවත් කරදරක් නැතිව ජීවත් වෙන්න... අපි වෙනස් වෙමු. අත්හැරීම පුරුදු කරන්න.... එතකොට මනසට සැහැල්ලුවක් දැනෙනවා...

හොඳයි... මේ දේවල් කියෙව්වා කියලා මගේ අසහනය නැතිවෙනවද...? මොනවා ලියලා තියෙනවාද මන්දා.... කියලා ඔයාට හිතෙයි...... නෑ ඔයා ඔය ටික ඔලුවට ගන්න ඕනේ.... ඒ ටික ඔලුවට ගත්තොත් තමයි ඉදිරියට යන්න පුලුවන්....... හරි.... දැන් කියලා දෙන්නම් අසහනකාරී මනස නිදහස් කරගන්නේ කොහොමද කියලා....  හරි පටන් ගනිමු...........
අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි........ හරියටම හරියනවාමයි............ මේ කියන විදියටම කලොත් මාසයකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන් . පලමු සතියේ ඉඳලාම ප්‍රතිඵලදායකයි...... අත්දැකීමෙන් කියන්නේ............... ..........මුලින්ම විශ්වාසය තියාගන්න.........
  භාවනා කිරීම කියන්නේ මොකක්ද.....?
භාවනා කිරීම කියලා හඳුන්වන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමවේදයකටයි. එනම්  මේ වෙනස් වන සිත  පාලනය කරගත හැකි ක්‍රමවේදයකි. ඔබට ඔබේ සිත පාලනය කල හැකිනම් සියලු ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකියි... අසහනයන් සහමුලින්ම මඟහරවා ගැනීම පහසුයි...

ඔබ භාවනාවට සුදුස්සෙක්ද?

ඔයාට හිතන්න පුලුවන්ද....? ඉහත කී කරුණු 5  ප්‍රායෝගිකව කළ හැකිද..? එහෙනම් ඔයාට සුදුසුකම තියෙනවා... සරලව කියලා දෙන්නම්....
භාවනාව කියන්නේ මොකක්ද...?
භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්.  අපේ මනස යම්කිසි ක්‍රමාණුකූල පිලිවෙලකට හසුරුවනවා නම් එය භාවනාව කියලා හඳුන්වන්න පුලුවන්. ඔයාගේ මනස පිලිවෙලකට හසුරුවන්න පුලුවන් නම් මනසේ අභ්‍යන්තරය පිරිසිදු වෙනවා. මනස අභ්‍යන්තරය පිරිසිදුවීම හරහා මනසේ ශක්තිමත්භාවය වැඩිවෙනවා... සිත ධෛර්ය සම්පන්න වෙනවා..... ටික ටික වීර්ය සම්පන්න වෙනවා.....ඔයා සතුටින් ඉන්න පුරුදු වෙනවා... භාවනාව හරහා ලෝකයේ පවතින යථාර්තය වැටහෙනවිට දන්නේම නැතුව ඔයාගේ මනසින් අසහනකාරී දේවල් ඉවත් වෙලා යනවා... මේ දේවල් මනස දියුණු කිරීම හරහා තමයි ලැබෙන්නේ....
  මෙහිදී විශේෂයෙන් කියන්න ඕන කාරණයක් තියෙනවා.... ඔබ ස්වාධීන චින්තනයක් ඇතිකරගත යුතුමයි. ඔබ ස්වාධීනව සිතන්නට  පුරුදු විය යුතුයි. සත්‍ය වශයෙන්ම ලෝකයේ පවතින ඇත්ත සමඟ සසඳා බලන්න
මේ කියන්නේ ඇත්තද කියලා...කෙනෙක් ඔබට කියන්න පුලුවන් භාවනා කරලා වැඩක් නෑ.... ඕවා හරියන්නේ නෑ.... කියලා... ඔය දේවල් කරන්නේ පන්සල්වල ඉන්න හාමුදුරුවරු , තපස් රකින අය , කියලා....ඒ විතරක් නෙවෙයි... ඔයාට විසඳුමකුත් දේවී... මේ දේ කරන්න කියලා..... සමහර විට ඔයාට ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙයි.... වෙනම කාලයකුත් වෙන් කරගන්න වෙයි... නමුත් මම වගකීමෙන් කියනවා... ඔයාට මේ කියලා දෙන දේවල් නොමිලේ සහ අමතර කාලයක් වැය නොකර  අනිත් වැඩත් කරන අතරේ ඔයාගේ සිත දියුණු කරගන්නා ආකාරය ... සමාජීය ක්‍රියාකාරකම් , එදිනෙදා වැඩ කටයුතු , ආදී කාර්‍යබහුල ජීවන රටාව ගෙවී යන අතරේ ඔබේ මනස සුවපත් කරගන්නා ආකාරය.... මේ උදව් කරන්නේ ඔයාගේ මනස සුවපත් කරගන්නයි... ඒ නිසා තව කෙනෙක් කියන දේවල් විශ්වාස කරන්න යන්න එපා... ස්වාධීන චින්තනයකට එන්න....තමන් හොඳටම දන්නවා තමන්ට කුසගිනි ඇති වුණාම යමක් ආහාරයට ගත යුතු බව, ඒ ආහාරය තමන් විසින්ම ගත යුතු බව, වෙන කිසිවකු ආහාරයට යමක් ගත්තා කියලා තමන්ගේ කුසගින්න නැතිවෙලා යන්නේ නෑ කියලා හොදින්ම අවබෝධයෙන්ම දන්නවා...  නමුත් ඔබ සිතයි...තව කෙනෙක් කියන දේවල් විශ්වාස කරන්න එපා නම් මේ කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද....? කියලා...මුලින්ම කියන්න ඕනේ..... විශ්වාසය කියන කාරණය ...ඔයාට මේ දේවල් විශ්වාස නැද්ද....? මේ දාලා තියෙන දේවල් හොදට කියවලා බලන්න... මේ කියලා තියෙන දේවල් සත්‍ය ලෝකයත් සමඟ සසඳලා බලන්න. එක දෙයක් හරි වැරදි නම් මෙතනින් ඉදිරියට යන එක නවතින්න....ඒ මේ කියන දේ විශ්වාස කරන්න පුලුවන් එක සාධකයක්... අනිත් එක තමයි... ඔයාට කවදාහරි කෙනෙක් කියලා තියෙනවාද ඔයාගේ අසහනකාරී මනසට සහනයක් ලබාගන්නේ කොහොමද කියලා... ඒවා සාර්ථක වෙලා තියෙනවාද...? පිළිතුර ඔබ සතුයි... ඔබ ඔබටම අවංක වන්න.... ඔයාගේ විශ්වාසය එක මාසයකට ආයෝජනය කරන්න මේ දේවල් වලට.... හරියන්නේ නැත්නම් අතහැරලා දාන්න...ඔයා ඔයාගෙන්ම අහලා බලන්න....ඇත්තටම ඔයාට ඕනේ මොනවද කියලා.....ඔයා කොච්චර රැවටිලා තියෙනවාද කියලා.... ඔයාට අත්නොහරින වීර්‍යය තියෙන්න ඕන භාවනාවක් පුරුදු පුහුණු කරන්න නම්.... මේ උත්සාහ කරන්නේ ඔයාට උදව් කරන්නයි......
 

අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි........ හරියටම හරියනවාමයි............ මේ කියන විදියටම කලොත් මාසයකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන් . පලමු සතියේ ඉඳලාම ප්‍රතිඵලදායකයි...... අත්දැකීමෙන් කියන්නේ............... ..........මුලින්ම විශ්වාසය තියාගන්න.........


..............විශේෂයි.............. 
මේ භාවනා ක්‍රම ගැන පැහැදිලිව කියලා තියෙන්නේ බෞද්ධ දර්ශනයේ තමයි . මේ දේවල්  ප්‍රායෝගිකව කරලා බලලා තමයි මේ විදියට ඔයාලට ඉදිරිපත් කරන්නේ..... බෞද්ධ දර්ශනය තවත් එක  ආගමක් නෙවෙයි.... මේක දර්ශනයක් .... කිසිම දෙයක් අනිවාර්‍යය කරලා නෑ..... මේ මේ දේවල් කරන්න , කියලා.......  කැමති කෙනෙකුට ඇවිල්ලා බලන්න පුලුවන්.... කැමති කෙනෙකුට අත් හරින්නත් පුලුවන්.... කැමති කෙනෙකුට මේ කියන දේවල් සත්‍ය ලෝකය සමඟ සසඳලා බලන්න පුලුවන්...... බෞද්ධ දර්ශනය ලොවට ඉදිරිපත් කල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ට පිහිට තමන් විතරමයි කියලා....... කිසිම දෙවියකුවත් , බ්‍රාහ්මණයෙකුවත් , යක්ෂයෙකුවත් , අඩුම තරමේ බුදුරජාණන් වහන්සේටවත් බෑ අනිත් අයට පිහිට වෙන්න..... තම තමන් කරගත් දේවල් වලට තම තමන්ම පිළිතුරු සොයා ගත යුතුයි..... බුදුරජාණන් වහන්සේ සිදුකළේ පාර පෙන්නපු එක විතරයි...... නමුත් කිසි කෙනෙකුට අනිවාර්‍යයෙන් කරන්න කියලා නෑ..... තමන්ම තමයි හැමදේම අවබෝධ කරගන්න ඕනේ.........{ උදාහරණයක් දෙන්නද....? ඔයාට දැන් බඩගිනියි කියලා හිතමු..... වෙනුවට මම මොනවා හරි කන්නම්....... දැන් ඔයාගේ බඩ පිරුණද....?හැබැයි මම තමයි කෑවේ......} මගේ බඩගින්නට කන්න ඕනේ මමමයි..... වෙන කෙනෙක් කෑවා කියලා මගේ බඩ පිරෙන්නේ නෑ......... අන්න වගේ තමයි අනිත් දේවලුත්..... කිසිම කෙනෙකුට බෑ අපිට උදව් කරන්න...... තමන්ට පිහිට තමන් විතරමයි....... ඔයා කැමතිනම් පිළිගන්න..... මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ අපිට පිහිටවෙන්න......  බලෙන් කිසිම කෙනෙකු මේ දර්ශනයට ඇතුලත් කරලා නෑ....... ඕනම කෙනෙකුට දර්ශනයට එන්නත් , දර්ශනයෙන් ඉවත් වෙන්නත් පුලුවන්අවබෝධයෙන්ම ඔයාලා මේ කියන දේවල්  ලෝකයේ සත්‍යදේවල් සමඟ සසඳලා බලන්න. වැරදියි කියලා හිතෙනවා නම් නොකර හිටියාට කමක් නෑ........ බලෙන් කිසිම කෙනෙකුට මේ දේවල් කරන්න කියන්නේ නෑ....... මනසට නිදහස , සුවපත් භාවය ගන්න කැමති අයතමයි මේ දේ කරන්නේ...... ඔයාට මම කියනවා..... 100% ශුවර්..... සතියකින් ඔයාට ප්‍රතිඵල ලබන්න පුලුවන්...... හැබැයි මේ කියන දේවල් ප්‍රායෝගිකව , හරියටම ඔයාගේ ජීවිතයට ගන්න ......... 

හොඳයි.......... අපි පටන් ගනිමු......
 භාවනාව ක්‍රම දෙකකට පුරුදු කරන්න පුලුවන්...

 
01 ). කිසියම් අරමුණකට  සිත යොමුකර සිදුකරන භාවනාව {සමථ භාවනාව }
02 ). යම් කිසි දෙයක යථා ස්වභාවය හොදින් විමසා බලා සිදුකරන භාවනාව {විදර්ශනා භාවනාව}

මුලින්ම අපි බලමු අපිට පහසු සහ ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුලුවන් භාවනාවක් ප්‍රායෝගිකව සිදු කරන ආකාරය.
පහලින් ඇති සුවපත් මනස දෙවන පිටුව වෙත පිවිසෙන්න....


No comments:

Post a Comment