මිනිස්සු වෙන අපිට තියෙන ලොකුම ප්රශ්ණය තමයි හිතට දැනෙන අසහනය, දුක, අසරණකම , එහෙම නේද? "අනේ මට කිසිම
සහනයක් නෑනේ... මම පුදුම පීඩනයකින් ඉන්නේ, මට තේරෙන්නේ නෑ මම මොනවා
කරන්නද කියලා, කොච්චර නම් බේත් ගත්තත් මේ පීඩනය අඩුවක් නෑනේ... අයියෝ
මම දන්නේ නෑ මට මොනවා වෙලාද කියලා... මේ දුක අඩුවක් වෙන්නේම නෑනේ...
පුදුම අසහනයකින් මම දුකට පත්වෙලා ඉන්නේ..." කියලා නිතරම ඔබට සිතෙනවාද ? කොච්චර ලෝකයට හිනා වෙලා හිටියත් , කොපමණ සතුටින් ඉන්න හැදුවත් , ඉන්න බෑ නේද...? එක පාරක් හරි අසහනය , දුක සිතට නැඟුනොත් අර සේරම දේවල් ඉවරයි....සමහර වෙලාවට හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න... එහෙම නැත්නම් ජීවිතයෙන් සමුගන්න... එහෙම නේද...????
අපි හැමෝම ලඟ මේ අසහනය තියෙනවාද නැත්ද කියලා දැන් හොඳින්
හිතලා බලන්නකෝ...
කුඩා ලමයාගේ පටන්ගෙන තරුණ අවධියේ ඉන්න පුද්ගලයා දක්වාත් මැදිවිය ගත
කරන පුද්ගලයා දක්වාත් මහළු විය ගත කරන පුද්ගලයා දක්වාත් නොයෙක්
ආකාරයෙන් දකින්නට ලැබෙන්නේ මේ අසහනය, දුක, කම්පාවට පත්විම හෙවත් මේ
අපි කථා කරන පොදු අසහනය , දුක , තමයි නේද කියලා හොඳින් හිතලා බලන්නකෝ.
ඉපදුණ වෙලාවේ ඉඳලා නොයෙක් නොයෙක් හේතු නිසා අප මිනිස්සු වශයෙන් අඬන්නේ
නැත්ද? අඬනවා නේන්නම්... නොයෙක් ආකාරයෙන් අඬනවා... අඬන්නේ මේ තියෙන
අසහනය දුක තුනී කරගන්න හිතාගෙනනේ නේද? ඇත්ත අපි මේවාට මුහුණ දෙන
ආකාරය, මේවා අනෙක් අයට කියන ආකාරය, සමහර දේවල් කිව්වත් , කියන්න බැරි දේවල් කාටද කියන්නේ....? ඒ වෙලාවට දැනෙණ අසරණකම කියලා නිම කරන්න බෑ.........
හයියෙන් හැමුවත්, වේගයෙන් හැමුවත්, මද පවනක්
ලෙසින් හැමුවත්, කුණාටුවක් ලෙසින් ආවත් සුලඟ ඉතින් සුලඟමනේ නේද?හැමදාම රෑට නිදාගන්න යන මොහොතේ , අනිත් අය සතුටින් ඉන්නවා දකින මොහොතේ , තනිවුණු වෙලාවට , අසරණ වුණු වෙලාවට , හිතට දැනෙන දුක , අසහනය කාට කියන්නද...? නේද...? ඒක දන්නේ ඒ දුක විඳපු කෙනෙක්මයි.... ඉතිං සහෝදරයා/සහෝදරී, මේක ලියන කෙනාත් ඔය විදියටම අසහනයෙන් හිටපු කෙනෙක් තමයි... මේ ලියන මම කොපමණ කල් අසහනයෙන් සිටියාද කියලා ඔයාලා දන්නේ නැතුව ඇති... හරියටම කිව්වොත් අවුරුදු 15ක් විතර.....
පොඩි කාලයේ ඉඳලාම දුකට , අසහනයට , මානසික පීඩනයට , අසරණකමට ලක් වුණු කෙනෙක් තමයි මම... සමාජයෙන්, පවුලෙන්, ආර්ථිකයෙන්, හොඳට බැට කාපු කෙනෙක් තමයි මම... නමුත් අද මම ඒ සෑම අසරණකමක්ම , දුකක්ම , අසහනයක්ම නැති කරගෙන තියෙනවා.... සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා....මගේ සිතට දුකක් දැනුණු විට, මම ඒක ඒ මොහොතෙම නැතිකරගන්න පුරුදු වෙලා ඉන්නවා.... මොන ප්රශ්නය ආවත් යතාර්ථවාදී විදියට බලන්න පුරුදු වෙලා ඉන්නවා....
ඉස්සර මම මගේ අසහනය , දුක , නැති කර ගන්න විවිධ දේවල් කලා ... සිංදු ඇහුවා , විවිධ වැඩසටහන් වලට සවන් දුන්නා , සමහර යෝග ක්රියාකාරකම් කලා , ස්වයං යෝජනා ක්රම අත්හදා බැලුවා , සමහර ඒවා යම්තාක් දුරට සාර්ථක වුණා...ඒවා කරනකොට යම් සහනයක් ලැබුණත් හොඳ සාර්ථකත්වයක් ලබන්න බැරි වුණා...........
ඒත් ඊට වඩා හොඳ , සාර්ථකම ක්රමයක් ලැබුණා..... ඒ දේ නිසා තමයි මට මගේ ප්රශ්න වලට පිළිතුරු සොයා ගන්න පුලුවන් උනේ.... ඔයාත් කැමති ඇති ඒ දේ ගැන දැනගන්න..... එහෙනම් මෙතනින් එන්න...
පහතින් ඇති සුවපත් මනස කියන පිටුව වෙත පිවිසෙන්න....